විරේන් 2024 ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි කේවල අංශය සඳහා සුදුසුකම් ලබාගැනීමට 20 හැවිරිදි ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත්වුණා.

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ විරේන් නෙත්තසිංහයි .

2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීම සහ අවශ්‍ය පරිසාධන මට්ටම සපුරා ගැනීමේ අරමුණෙන් විරේන් ලොව වටා පැවති බැඩ්මින්ටන් තරගාවලි වෙනුවනේ ක්‍රිඩා කළා.

විරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ 72 වැනි ස්ථානයේ පසුවනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට බැඩ්මින්ටන් ක්‍රීඩකයන් 38 දෙනෙකුට පරිසාධන මට්ටම පසුකර සෘජු ලෙස සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා.

පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ විරේන් හට හිමිව ඇත්තේ 32වැනි ස්ථානයයි.

ඒ අනුව විරේන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයාද වනවා.

2012 වසරේ නිලූක කරුණාරත්නගෙන් පසු පරිසාධන මට්ටම පසුකර සෘජුව ඔලිම්පික් වරම් දිනු බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *