CR පිල වසර 26කට පසු රග්බි ලීග් කිරුළ දිනයි

වසර 26කට පසුව අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියක ශූරතාව දිනා ගන්නට CR ඇන්ඩ් FC කණ්ඩායමට ඊයේ හැකිවුණා.

ඒ අඛණ්ඩව 8වරක් රග්බි ශූරතාව දිනා සිටි මහනුවර කණ්ඩායම ලකුණු 33ට 25ක් ලෙස පරාජය කරමින්.

මෙවර තරගාවලියේ අපරාජිත ගමනක් පැමිණි CR & FC කණ්ඩායම, මහනුවර කණ්ඩායම සමඟ තරග බිමට පිවිසියේ කොළඹ ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනයේදීයි.

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අවසන් තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගන්නට මහනුවර කණ්ඩායමට හැකියාව ලැබුණේ අඛණ්ඩව 9වැනි වරටත් ශූරතාව දිනා ගැනීමේ අරමුණින්.

පළමු අර්ධය නිමා වනවිට ලකුණු සටහන දිස්වි තිබුණේ ලකුණු 06ට 13ක් ලෙසයි.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී තියුණු තරග රටාවක් දියත් කළ CR ක්‍රීඩකයින් මහනුවර ක්‍රීඩකයින්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් මෙවර අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව අපරාජිතව දිනා ගැනීමට සමත් වුණා.

තරගයේ අවසන් ලකුණු සටහන දිස්වුනේ ලකුණු 33ට 25ක් ලෙසයි.

CR & FC කණ්ඩායමක් වසර 26කට පසුව ලිග් රග්බි ශූරතාවක් දිනා ගනිද්දී ඔවුන් අවසන් වරට ලීග් රග්බි ශූරතාවක් දිනා ගත්තේ 1998 වසරේදී වීමත් කැපී පෙනෙනවා.

මහනුවර ක්‍රීඩා සමාජයට 2012 සහ 2013 වසරේදී ලීග් රග්බි ශූරතාව අහිමිවීමෙන් පසු ඔවුන්ට වසර 11කට පසුව ලීග් ශූරතාව අහිමිව ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *