මතීෂ පතිරණ ශ්‍රී ලංකා පිල දිනවයි

මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

වසර 6කට පසු රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹිමට ක්‍රීඩාලෝලීන් මහත් උද්යෝගයෙන් ක්‍රීඩාංගණය වෙත පැමිණියා.

තරගයේ කාසියේ වාසියෙ ඇෆ්ගනිස්තාන නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 4 ලකුණු 55ක් තුළ දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත්වුණා.

අනතුරුව සධීර සමරවික්‍රම සමගින් පිටියට එක් වූ නායක වනිඳු හසරංග 5 වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගුවා.

නායක වනිඳු පන්දු 32කදි ලකුණු 67ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.

වනිඳු සහ සධීරගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 14ක් තුළ දවා ගැනීමට ඇෆ්ගිනිස්තාන පන්දු යවන්නන් සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගත්තේ ලකුණු 160ක් පමණයි.

ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිවිසි ඇෆ්ගනිස්තාන පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුනු 25ක් සබඳතාවක් සහ දෙවන කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගුවා.

සිය පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ දසුන් ශානක මොහොමඩ් නබි ලකුණු 9කට සහ නජිබුල්ලා සද්රන් යළි ක්‍රීඩා ගාරයට හරවා යවමින් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට නතු කළා.

ඒ අනුව ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 156ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 24ක කඩුලු 4ක් දවා ගැනීමට සමත්වුණා.

මෙම ජයත් සමග තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව පිල සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *