එක්දින සහ 20-20 නායකයා ගැන තේරීම් කමිටුව තීරණයක් ගනියි

නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී එක්දින සහ විස්සයි විස්ස නායකත්වය හා සිම්බාබ්වේ තරගාවලියේ සංචිතය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව අවසන් එකඟතා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
නව ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට උපුල් තරංග ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයිකයින් සහභාගි වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක සනත් ජයසූරියද එක් වුණා.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සකච්ඡාවේදී නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් විජයග්‍රාහී මාවතකට ඔසවා තැබීමේ අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී තවත් සාකච්ඡාවකට එක්වුණා.

ඒ ලබන මස පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහායි.

ඒ අනුව පැය දෙකහමාරක අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී එක්දින සහ 20-20 නාකයකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමටද නියමිතව තිබෙනවා.

එක්දින නායකත්වයට කුසල් මෙන්ඩිස් සහ 20-20 නායකත්වය සඳහා වනිඳු හසරංග පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

ක්‍රීඩා අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ ඡායාරූප පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *