ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව උපදේශක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පළමුවරට රැස්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා.
ඊට උපදේශක මහේල ජයවර්ධන සහ නව තේරීම් කමිටු සාමාජිකයන්ද එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ,උප සභාපති මෙන්ම ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
ඉදිරියේදි පැවැත්විමට නියමිත ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හැර සෙසු පුහුණුකරුවන්ගේ වෙනස්කම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
එම පුහුණු කාර්ය මණ්ඩලයේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, උපුල් චන්දන ,රංගන හේරත් , ටී.එම් ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන , තිලිණ කණ්ඩම්බි වැනි අයට ලබා දීමට නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය අදහස් කර ඇති බවයි වාර්තාවන්නේ.
