හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක පරිදි සනත් ජයසූරිය වසරක කාලයක් සඳහා එම තනතුරට පත් කළ බවයි.
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි තමන් සහභාගීවු තරග 9න් තරග 7ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම , ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමටත් අපොහොසත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබු එවැනි පරාජයන් සමඟ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුවට මෙන්ම පරිපාලනයටද දැඩි විරෝධය එල්ල වුණා.
ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වසර දෙකක කාලයක් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට පසුගියදා පියවර ගත්තා.
ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියව අද පත්කෙරුණා.
සනත් ජයසූරිය , ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය සමඟ සෘජුවම කටයුතු කරන අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනයට සහ විශ්ලේෂණයට ලක්කර පැහැදිලි හා පලදායි සංවර්ධන සැලැස්මක් සකර කිරිම ඔහුට පැවරෙන කාර්යයන් අතරට අයත්.
2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත්කළ මහේල ජයවර්ධනට අමතරව මෙම පත්කිරීම සිදුකළ බවයි වාර්තා වන්නේ.
මේ අතර ඩුබායිහීදි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.
තරගාවලියේදී තරග 3කට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ජපානය සමඟ තරගය පමණක් ජයග්‍රහණය කළ අතර අනෙක් තරග දෙකම පරාජයවුණා.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ හෙම්බත්වී සිටින ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ හෝ යම් බලාපොරොත්තුවක් රඳවා ගනු හැකිද යන ප්‍රශ්ණාර්ථය ශ්‍රී ලංකා යොවුන් පිල ලබන මේ පරාජයන් සමඟ මතුවනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ජාතික පිල මෙන්ම අනෙකුත් කණිෂ්ඨ කණ්ඩායම්වල පලදායි වර්ධනයක් ඇතිකිරීම උදෙසා වන සැලැස්මක් දියත් කිරීම නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරියගේ ප්‍රමුඛ අභියෝගය වනු ඇති.
සනත් ජයසූරියගේ පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නික්තු කළ නිවේදනය පහතින්…

