පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණා.
එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා කිසිඳු ක්‍රීඩකයෙක්ව කණ්ඩායම් මිලදී ගත්තේ නැහැ.
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ ලාහෝර්හිදි පැවැත්වුණා.
ඒ සඳහා ක්‍රීඩකයන් 485ක් ලියාපදිංචි වී සිටියා.
එහිදි ශ්‍රි ලංකාවේ කිසිඳු ක්‍රීඩකයෙක් මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් නොවු අතර වනිඳු හසරංගව ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තම කණ්ඩායමේම රඳවා ගැනීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව 2024 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකිකයා වන්නේ වනිඳු හසරංග පමණයි.
ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වනිඳු හසරංගව ඩයමන්ඩ් ඛාණ්ඩයෙන් කණ්ඩායමේ රඳවාගෙන තිබෙනවා.
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ක් තරග වදින අතර කාණ්ඩ 4ක් යටතේ ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් ඊයේ දිනයේදී තෝරා ගැණුනා.
ඒ ප්ලැටිනම්,ඩයමන්ඩ්,රන්, රිදි යන ඛාණ්ඩ 4 යටතේයි.
ඔස්ට්‍රේලියා තුන්ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්,දකුණු අප්‍රිකා ක්‍රීඩක රීසා හෙන්ඩ්‍රික්ස්, ලුන්ගි ඉන්ගිඩි පළමු වරට 2024 PSL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
පාකිස්නාත ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 13 වැනිදා ආරම්භ වනවා.
