උපුල් තරංගගේ සභාපතිත්වයෙන් 5 දෙදෙනෙකුගෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පියවර ගත්තා.
ඒ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ අනුමැතියද සහිතවයි.
අද රැස්වූ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් තේරීම් කමිටුව වෙනුවෙන් ඉදිරිපත් කළ නම් 10න් නම් 7ක් සඳහා අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව අනුමත නම්වලින් තේරීම් කමිටුව සඳහා හිටපු නායක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබෙනවා.
තේරීම් කමිටුවේ සෙසු සාමජිකයින් සිවුදෙනා වන්නේ හිටපු ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන අයයි.
ඒ අනුව ලබන මාසයේදී සිම්බාබවේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම නව ක්‍රිකට් තේරීම් කමිටුව පැවරෙන පළමු රාජකාරිය වනවා.
See less
