කාන්තා ක්‍රිකට් ශූරතාව ගුවන් හමුදාවට

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්වුණා.

ඒ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජය කරමින්.
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර පැවැත්වුණේ කොළඹ බී.ආර්.සී ක්‍රීඩා පිටියේදීයි.

කාසියේ වාසිය දිනු යුද හමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසනායේදී යුද හමුදා කණ්ඩායම කඩුලු 8ක් දැවි ලකුණු 154ක් රැස්කරගත්තා.

නිලක්ෂි ඩී සිල්වා ලකුණු 72 ක් රැස්කළ අතර රෝහිණි පෙරේරා ලකුණු 23ක් රැස්කළා.

ඕෂධි රණසිංහ ලකුණු විස්සට කඩුලු තුනක් දවාගැනීමට සමත්වුණා

ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුවන් හමුදා කණ්ඩායමට පන්දුවාර 30කදී කඩුලු 3ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 11ක ජයක් හිමිවුණා.

තරගයේ වීරයා සම්මානය ඕෂදි රණසිංහට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය හංසිමා කරුණාරත්න හිමිකරගත්තා.

හොඳම පන්දු යවන්නා ලෙස ඉනෝකා රණවීර සම්මාන දිනාගත් අතර හොඳම පිතිකරු ලෙස සම්මාන හිමිකරගත්තේ හර්ෂිතා සමරවික්‍රමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *