ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ජය ලබයි

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ ජපාන කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනු  ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ජපාන කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 75ක් පමණයි.

ලකුණු 8ක් තුළ ජපාන කණ්ඩායමේ පළමු කඩුලු තුන දැවි ගිය අතර ජපානය වෙනුවෙන් යම්තාක්දුරට හෝ සාර්ථක වුණේ චාල්ස් හින්සේ පමණයි.

ඔහු ලකුණු 36ක් රැස්කළා.

මල්ෂ තරුපති ලකුණු 26 ට කඩුලු 3ක් දවාගත් අතර ගරුක සන්කෙත් ලකුණු 18ට කඩුලු දෙකක් දවාගත්තා.

ලකුණු 76ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු 2ක් අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකරගියා.

නායක සිනෙත් ජයවර්ධන නොදැවි ලකුණු 26ක් රැස්කළා.

රුසඳ ගමගේ ලකුණු 18යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන තරගය දෙසැම්බර් 11 වැනිදා එක්සත් අරාබි කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *