අසේල ගුණරත්නගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට ඉකුත්දා හැකියාව ලැබුණා.
ඒ අවසන් මහා තරගයේදී අර්බන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.
2023 ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් හිදියි.
මෙම තරගයේදී තිසර පෙරේරා, අසේල ගුණරත්න සහ ඇන්ජලෝ පෙරේරා මනිපාල් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කළා.
පළමුවෙන් පන්දුවට පහරදුන් අර්බන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 5ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත්වුණා.
රිකී ක්ලාර්ක් ලකුණු 80ක් රැස් කළ අතර පන්කාජ් සිං කඩුලු දෙකක් සහ තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රොබින් උතප්පා සහ චද්දික් වෝල්ටන් ආරම්භක කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගුවා.
මැද පෙළ ශක්තිමක් කළ ඇන්ජලෝ පෙරේරා ලකුණු 30ක් රැස් කළ අතර තිසර පෙරේරා පන්දු 13කදී ලකුණු 25ක් රැස් කිරිමට සමත්වුණා.
මානිපාල් ටයිගර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අසේල ගුණරත්න විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 29කදී හයේ පහර 5ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51ක්.
ඒ අනුව මනිපාල් ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.

