මෙවර නේපාලයේ පැවති දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් නේපාලය ඉන්දියාවටද පදක්කම් සටහනේ දෙවන ස්ථානයට ඇද දමමින් ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
කෙසේ වෙතත් ගියවර දකුණු ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකාවට මෙවර පදක්කම් සටහනේ සිවුවන ස්ථානය හිමිවීම මෙරට කරාතේ ක්‍රීඩාවේ පසුබෑම මනාව පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
මේ වන විට කරාතේ දෝ සම්මේලනය ක්‍රියාත්මක වන්නේ අතුරු කමිටුවක් වන අතර එම තත්වය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.
ගියවර ශ්‍රී ලංකාවෛ් සත්කාරකත්වයෙන් පැවති දකුණු ආසියානු කරාතේ තරගාලියේදී ශ්‍රී ලංකා අනුශූරතාව දිනා ගත්තේ රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 27ක් දිනා ගනිමින්.
කෙසේ වෙතත් මෙවර දකුණු ආසියානු කරාතේ තරගාවලියේ පදක්කම් සටහනේ සිව්වන ස්ථානය දක්වා පහතට ඇද වැටුණේ කණ්ඩායම් 6ක් අතරින්.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වූයේ රන් පදක්කම් 2ක් පමණයි. එමෙන්ම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 26ක් දිනා ගෙන තිබුණා.
දකුණු ආසියාවේ කරාතේ අනුශූරයින් වූ ශ්‍රී ලංකාව
නේපාලයේදී දැඩි පසුබෑමකට රන් පදක්කම් 13 දෙකට බසියි
2022 – රන් 13, රිදී 20, ලෝකඩ 27
2023 – රන් 2, රිදී 8, ලෝකඩ 26
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අත්තනෝමතිව කරාතේ දෝ සම්මේලනය සදහා අතුරු කමිටුවක් පත් කිිරීමට ඉකුත්දා පියවර ගත් අතර එහි ප්‍රතිඵල මෙරට කරාතේ ක්‍රීඩාවේ නියැලෙන පිරිස් අත්විදිමින් සිටින බවයි විචාරකයින් පවසන්නේ.
කරාතේ දෝ සම්මේලනයේ හිටපු පරිපාලනය ඉදිරි තරගාවලි ඉලක්ක කර ගනිමින් සැලසුම් සකස් කර තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීමත් සමග එම සැලසුම් ක්‍රියාත්මක නොවූ බවයි පැවසෙන්නේ.
