අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.
ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම ලකුණු 24කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධන අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය කොළඹ බී ආර් සි පිටියේදී පැවැත්වුණේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතරයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පන්දුවාර 43ක දී සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කළා.
සඳුනි අබේවික්‍රම ලකුණු 30 ක් රැස් කළ අතර මල්ශා ශෙහානි ද ලකුණු 20ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 109ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් කණ්ඩායමට පන්දුවාර 34කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 85ක් පමණයි.
දෙව්මි විජේරත්න ලකුණු 31ක් රැස් කළ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තාරුකා ශෙහානි ලකුණු 16කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වුණා.තරඟ සාරාංශය
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම 109 (43)
සඳුනි අබේවික්‍රම 30, මල්ශා ශෙහානි 20
සචිනි නිසන්සලා 3/16, දෙව්මි විජේරත්න 3/28, කවීශා දිල්හාරි 2/14, සඳුනි නිසන්සලා 2/21
හලාවත මේරියන් ක්‍රිකට් සමාජය 85 (34)
දෙව්මි විජේරත්න 31,
තාරුකා ශෙහානි 5/16, ඉනෝශි ෆෙර්නෑන්ඩෝ 2/08, තරුශි තත්සරනි 2/09
