ඔස්ට්‍රේලියා කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඇඩ්ලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.
ඔවුන් මෙම ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.
කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ඇඩ්ලෙයිඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අතරයි.
ඇඩ්ලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනු ඇඩ්ලෙයිඩ් ස්ට්‍රියිකර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඇඩ්ලෙයිඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 125ක්.
ලෝරා වොල්වඩ් ලකුණු 39ක් රැස්කළ අතර තාහිල් මැක්ග්‍රාත් ලකුණු 38යි.
ලකුණු 126ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියටි පිවිසි බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 122ක් පමණයි.
ඒ අනුව කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඇඩ්ලෙයිඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.
