2024 යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේදී කණ්ඩායම් තරග වදින කාණ්ඩ ඉකුත්දා ජර්මනියේදී ප්‍රකාශයට පත් කෙරුණා.
මෙවර පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ජර්මනිය සහ ස්කොට්ලන්තය අතරයි.
ලබන වසරේ පැවැත්වෙන යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජුලි 14 වැනිදා දක්වා පැවැත්වෙන්නේ ජර්මනියේදී.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් තරග වැදිමට නියමිතව තිබෙනවා.
තරගාවලිය කාණ්ඩ 6ක් යටතේ පැවැත්වෙන අතර ඊට එක්වන කණ්ඩායම් තරග වදින කාණ්ඩ ඉකුත්දා ජර්මනියේ මියුනික් හිදි ප්‍රකාශයට පත් කළා.
සත්කාරක ජර්මනිය ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ජර්මනිය සහ ස්කොට්ලන්තය අතරයි.
ප්‍රංශය මෙවර තරගාවලියේදී ඩී කාණ්ඩයෙන් තරග වදින අතර පෘතුගාලය එෆ් කාණ්ඩයෙන් තරග වදිනවා.
එංගලන්තය සී කාණ්ඩයෙන් තරග වදින අතර ස්පාඤ්ඤය සහ ඉතාලිය තරග වදින්නේ බී කාණ්ඩයෙන්.
අවසන් වරට 2020 වසරේ පැවති යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ඉතාලියයි.
මෙවර යූරෝ කුසලාන පාපන්දු තරගාවලියට එක්වන කාණ්ඩායම් තරග වදින කාණ්ඩ පහතින්.

