ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ශාරීරික අභ්‍යාස කළමනාකරු ග්‍රාන්ට් ලූඩ්න් යන දෙදෙනායි.
ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ එම ඉල්ලා අස්වීම් දෙකම පෞද්ගලික හේතු මත සිදුවූ ඒවා බවයි.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පුහුණුකරුවන්ගේ වැටුප් හෙළි කිරීමද ඔවුන්ගේ ඉල්ලා අස්වීමට හේතුවක් වී ඇති බවයි ක්‍රිකට් ආරංචි පවසන්නේ.
