ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට හා ක්‍රීඩාවේ අභිවෘර්ධිය උදෙසා ක්‍රීඩා අරමුදලෙහි ප්‍රතිපාදන මත රු. 6,350,380.00 ක වටිනාකමකින් යුත් මුල්‍ය ප්‍රතිපාදන හා ක්‍රීඩා උපකරණ ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී (21) දින සිදු කෙරුණා.
ප්‍රතිපාදන ලබාදීම් ලැයිස්තුව හා අදාළ විස්තරය පහතින්
- Royal Sports Club – වාලච්චේන රෝයල් ක්‍රීඩා සමාජය වෙත ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම
- St.Mary’s College – Negombo (Old Boys Association) – මීගමුව මේරි විද්‍යාලයේ Indoor Gymnasium එක සදහා උපකරණ මිලදී ගැනීම සදහා ජාතික ක්‍රීඩා අරමුදල මගින් ගෙවීම් කිරීම
- Mrs. R.S. Sunetha – මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නියොජනය කරන එස්.එස්.සසිදු මෙත්පහන් ක්‍රීඩකයා හට ක්‍රිකට් සපත්තු යුගලක් ලබා ගැනීම සදහා ප්‍රතිපාදන ලබාදීම
- G.G.U. Irosha De Silva – අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කරන එන්.එච්.ටෙතුෂි නවෝද්‍යා ක්‍රීඩිකාවට වෙඩි තැබීමේ ඉසව්ව සදහා භාවිතා කරන ඇදුම් කට්ටලයක් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන
- P.H.M.A Bandara – 2023 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් අයෝමාල් අකලංක ක්‍රීඩකයාගේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග ලබාදීම
- K.L.A. Akalanka – 2023 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් මූල්‍ය ත්‍යාගය ලබාදීම
- K.H.K. Kumara – 2023 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් නිලුපුල් පැහැසර තේනුජ ක්‍රීඩකයාගේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග ලබාදීම
- R.P.N.P. Thenuja – 2023 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් මූල්‍ය ත්‍යාගය
- Wayamba Royal College – ක්‍රීකට් උපකරණ මිලදී ගැනීම සදහා මූල්‍ය ප්‍රදානය
- R.D.U.S Surendra – පැරා ඔලිම්පික් ක්‍රිඩක මධුරංග සුබසිංහගේ පුහුණුකරු සදහා මූල්‍ය ප්‍රදානය
- J.S. weerakkodi – ජාතික කණ්ඩායම් මීටර් 100 නියෝජනය කළ අමාශා සිල්වාගේ ක්‍රීඩිකාවගේ පුහුණුකරු සදහා මූල්‍ය ප්‍රදානය
- D.L.A.L. Nishanthi – චෙස් ක්‍රීඩකයින්ගේ හැකියා වර්ධනය සදහා ජාතික ක්‍රීඩා අරමුදල මගින් අනුග්‍රාහය දැක්වීම
ජයග්‍රහණය සපිරි යහපත් ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කිරීමට කැප වී කටයුතු කරමි.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා ඇතුළු ප්‍රතිලාභින් රැසක් සහභාගී වුණා.
පිලිපීනයේදී රන් පදක්කම් දෙකක් දිනූ
71 හැවිරිදි මුලතිව් හි පදිංචි අකිලා
ශ්‍රී ලංකාවේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අකිලා තිරුනායකී පිලිපීනයේ පැවැත්වෙන මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර ඇය පිළිබද මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්ක දිනා ගත් අතර ඇය මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමද දිනා ගත්තා.
මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව වූ අතර මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් වීමද විශේෂත්වයක්.
