ක්‍රිකට් අර්බුධය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් මේ වන විට විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
පාර්ශ්වයක් ක්‍රිකට් වංචා ගැන චෝදනා කරද්දී තවත් පාර්ශ්වයක් ක්‍රිකට් ආයතනය මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට දැක් වූ දායකත්වය පිළිබද කතා කරනවා.
මේ වන විට හේෂා විතානගේ මන්ත්‍රීවරයා විවිධ යූ ටයිබ් නාලිකා හරහා ක්‍රිකට් වංචා පිළිබද කරුණු දක්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරයා එවැනි වැඩසටහනකදී පවසා සිටියේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අවස්ථා තුනකදී තමන් සමග සාකච්ඡා කිරීමට උත්සහ කළ බවයි.
කෙසේ වෙතත් ඉකුත්දා පැවති ක්‍රිකට් පිළිබද විවාදයකදී චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා හෙළි කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැත්ත මාරු කිරීමට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවයි.
චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා පළ අදහස පහතින්…
