කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබා දී ඇති බවට පළ වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 2017 වසරේ සිට 2018 මැයි 31 දක්වා එවකට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සදහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සදහා කලම්බෝ ස්කූල් ඔෆ් බිස්නස් ඇන්ඩ් මැනේජ්මන්ට් ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළ බවයි.
ඒ සදහා ඒ මහතා වෙත කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
එම නිවේදනය පහතින්…

