පිලිපීනයේ මැනිලා නුවර පැවති 22 වැනි ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 84ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඊට රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 25ක් ඇතුළත් වූ අතර, මේ සමඟ රටවල් 26ක් අතුරින් තරගාවලියේ 8 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.
මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,884 දෙනකු සහභාගි වූ අතර සමස්ත පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස 11/13 දින මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා.
මෙවර තරගාවලියේදී අවුරුදු 50 – 54 කාණ්ඩයෙන් තරග කළ දිලිප් ඒකනායක මීටර් 800 මිනිත්තු 2.54කින් සහ මීටර් 400 තත්පර 52.07කින් නිමා කරමින් නව ආසියානු තරග වාර්තා තැබීමට සමත් වී තිබෙනවා.
හයිඩ්‍රාමනි ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරන දිලිප් ඒකනායක එම ඉසව් දෙක සඳහා දිනාගත් රන් පදක්කම් දෙකට අමතරව මීටර් 400 රිදී පදක්කම සහ මීටර් 100 සහාය ලෝකඩ පදක්කමක් දිනාගත් කණ්ඩායම්වල සාමාජිකයකු ද වුණා.
දිලිප් මෙවර දිනාගත් පදක්කම් 4ත් සමඟ මේ වන විට ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 32ක් දිනා ගෙන ඇති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
මීට අමතරව අවුරුදු 35 – 39 කාණ්ඩයෙන් තරග කළ දසුන් සිල්වා ද නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත්ව තිබුණා.
මේ ජයග්‍රාහි ශ්‍රී ලංකා කණ්ඩායම පසු ගිය දා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් පිළිගැනීම සඳහා සීමාසහිත හයිඩ්‍රාමනි ආයතනයේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයෝ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
