රොෂාන් කළ අපහාසවලට එරෙහිව ෂම්මි නඩු දමයි

ක්‍රීඩා අමාත්‍ය ෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති භාණ්ඩාගාරික ඇතුළු පිරිස විසින් කොළඹ දිසා අධිකරණය අපහාස නඩුවක් ගොනු කර තිබෙනවා.

සිදු කර ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 2.4ක වන්දියක් ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කරන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

දිගින් දිගටම අසත්‍ය හා හානිදායක ප්‍රකාශ සිදු කිරීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හානියක් සිදුකර ඇති බවද ඔවුන් එමගින් පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇති හානිය වැරදි කිරීම මෙම නීතිමය ක්‍රියාමාර්ග අරමුණ බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

එම නිවේදනය පහතින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *