මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ චමරි අතපත්තුයි.
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා 20-20 තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් තරග වදින අතර ඊට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ඊයේ නම් කළා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වන අතර, පාකිස්තානයට එරෙහිව මෑතකදී පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා නම් කර තිබූ සංචිතයේ සිටි නිමාෂා මීපගේ, මල්කි මදාරා සහ රශ්මිකා සෙව්වන්දි මෙවර සංචිතයට ඇතුළත්ව නැහැ.
ඒ වෙනුවට දෙව්මි විහංගා, මිතලි අයෝද්‍යා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවන් තිදෙනා මෙවර ආසියානු කුසලාන සංචිතයට අලුතින් එක්ව සිටීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන්නේ වත්මන් ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙසින්.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී බී කාණ්ඩයෙන් තරග වදින අතර ඊට බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සහ ඉන්දුනීසියාව ඇතුළත්.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය අගෝස්තු 29 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන අතර දෙවන තරගය සැප්තැම්බර් මස 2 වැනිදා ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගිවන තුන්වැනි සහ අවසන් තරගය සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වෙන්නේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිවයි.
ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා)
ඉමේෂා දුලානි
සංජනා කාවින්දි
විශ්මි ගුණරත්න
හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා)
කවීෂා දිල්හාරි
නිලක්ෂිකා සිල්වා
හසිනි පෙරේරා
සුගන්ධිකා කුමාරි
මිතලි අයෝද්‍යා
චමුදි ප්‍රබෝධා
චේතනා විමුක්ති
දෙව්මි විහංගා
කෞෂානි නුත්‍යාංගනා
කාව්‍යා කාවින්දි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන
ශ්‍රී ලංකාව – එක්සත් අරාබි එමීර් රාජ්‍ය – අගෝස්තු 29
ශ්‍රී ලංකාව – ඉන්දුනීසියාව – සැප්තැම්බර් 02
ශ්‍රී ලංකාව – බංග්ලාදේශය – සැප්තැම්බර් 06
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය
A කාණ්ඩය
හොංකොං
ඉන්දියාව
පාකිස්තානය
තායිලන්තය
B කාණ්ඩය
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ඉන්දුනීසියාව
