චමරිට ක්‍රිකට් සම්මාන වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රීය අති උත්කර්ශවත් අන්දමින් ඊයේ කොළඹදී පැවැත්වුණා.

මෙහිදි වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක හිමිකරගත් අතර වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන හිමිකරගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රීඊයේ පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ , පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න, ක්‍රිකට් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්ගේ ප්‍රධානත්වයෙන්.

නැටුම් ගැයුම් වලින් වර්ණවත්වූ සම්මාන උලෙළේදී මෙවර සම්මාන 42ක් පිරිනැමුවා.

මෙම සම්මාන උලෙළේදී ජිවීතයේ එක් වරක් පමණක් පිදෙන සම්මාන 4ක් ප්‍රධානය කළා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සිටි අතිදක්ෂ ක්‍රීඩකයෙක්, නායකයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙක් වු මයිකල් තිසේරා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙක් වූ අනුර තෙන්නකෝන් මහතාටයි.

අනතුරුව 2025 වසරේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පාදක කරගනිමින් සම්මාන ප්‍රධානය ආරම්භ කෙරුණා.

වසරේ විස්සයි විස්ස පන්දු යවන්නිය ලෙස සම්මාන හිමිකරගත්තේ කවීෂා දිල්හාරි.

වසරේ විස්සයි විස්ස පිතිකාරිණිය, වසරේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාව ,වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය ,වසරේ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව ඇතුළු සම්මාන 6කින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිදුම් ලැබුවා.

වසරේ හොඳම එක්දින පිතිකාරිණිය ලෙස සම්මාන හිමිකරගත්තේ හර්ෂිතා සමරවික්‍රම.

අනතුරුව ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස තරග කාණ්ඩයේ දක්ෂතා දැක්වු ක්‍රීඩකයන් වෙනුවෙන් සම්මාන ලබාදීම ආරම්භ වුණා.

වසරේ විස්සයි විස්ස හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දසුන් ශානක හිමිකරගත්අතර වසරේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකරගත්තේ දුෂ්මන්ත චමිරයි.

වසරේ හොඳම විස්සයි විස්ස පිතිකරු පැතුම් නිස්සංක.

හොඳම එක්දින පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු ස්ම්මාන හිමිකරගත් අතර වසරේ හොඳම එක්දින පිතිකරු ලෙස චරිත් අසලංක සම්මාන දිනාගත්තා.

එක්දින හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයාට පිදෙන සම්මානය වනිඳු හසරංගට හිමිවුණා.

අනතුරුව ටෙස්ට් දක්ෂතා වෙනුවෙන් සම්මාන ප්‍රධාන කෙරුණු අතර වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත් අතර වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනාගත්තා.

වසරේ හොඳම තුන්ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට හිමිවුණෘ.

අවසාන වශයෙන් මෙම සම්මාන උලෙළේ විශිෂ්ඨතම සම්මාන දෙක වන වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන ප්‍රධානය කෙරුණා.

එහිදි වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තු හිමිකරගත්තා.

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගත්තේ පැතුම් නිස්සංකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *