ජැෆ්නා කිංග්ස් අවසන් තරගයට

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත්වුණා.

ඒ පළමු අවසන් වටයේ තරගයේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැත්වුණේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගායේ කාසියේ වාසිය දිනූ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 242ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

ජැෆ්නා කිංගස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් කමිල් මිෂාර පන්දු 55කදී ලකුණු 108ක් රැස් කළා.

ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නස් අසරණ කළ කමිල් මිෂාරගේ ඉනිමට හයේ පහර 7කින් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

ලකුණු 243ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමේ මුලු කඩුලු 4 ලකුණු 97ක් තුළ බිඳ වැටුණා.

චාමි කරුණාරත්න ලකුණු 39ක් සහ නායක දසුන් ශානක ලකුණු 34ක් රැස් කළද එය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 228ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 14කින් ජය ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 5වැනි වතාවටත් ලංකා ප්‍රිමියර් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *