විශ්මි – හර්ෂිතා ශතක ලබමින් ශ්‍රී ලංකාව දිනවයි

විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම වාර්තා කළ විශිෂ්ට ශතක හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිල අද එක්දින තරග ජයක් වාර්තා කළා.

මෙම ජයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1ට එකක් ලෙස සම තත්වයේ පසුවනවා.

සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග හම්බන්තොටදී අද පැවැති දෙවන එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූණා.

තරගයේ පළමුවෙන් පහරදුන් පාකිස්තාන කාන්තා පිල නියමිත පන්දුවාර 50දී කඩුලු 5ක් දැවී ලකුණු 273ක් රැස් කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම මෙහිදී ශතක වාර්තා කළේ පළමු වරට එක්දින පිටියේ ද්විතව ශතක සබඳතාවක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙපළ බවට පත්වෙමින්.

මෙම ජයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1ට එකක් ලෙස සම තත්වයේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *