IPL අවසන් වටයේ සටන හෙට සිට

මාස දෙකකට ආසන්න කාලයක් පැවති 2026 IPL ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ තරග ඊයේ අවසන් වුණා.

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් වටයේ තරග හෙට සිට ආරම්භවීමට නියමිතයි.
මාර්තු මස 28 වැනිදා ඇරඹි 2026 IPL ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ තරග 70ක් ඉන්දියාවේ ක්‍රිඩාංගණ 13කදී ක්‍රියාත්මක වුණා.

කණ්ඩායම් 10ක් උණුසුම් වු තරග 70ක් ක්‍රීඩා කරද්දී එක් එක් කණ්ඩායම් මුලික වටයේදී ක්‍රීඩාකළ තරග සංඛ්‍යාව 14ක්.

ඒ අනුව මුලික වටයේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

කොල්කටා හී ඊඩ්න් ගාඩ්න්ස් හී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලී කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස්කර ගනිමින්.

ලකුණු 204ක ලකුණු පුවරුවක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 163 රැස් කළේ දිල්ලී කැපිටල්ස් පිලට ලකුණු 40ක ජයක් හිමි කර දෙමින්.

ඒ අනුව 2026 IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට සිට ආරම්භ වීමට නියමිතයි.

අවසන් තරග වටයේ පළමු තරගය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටන රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ දෙවැනි ස්ථානයේ සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය ජයගන්නා කණ්ඩායම මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නවා.

අවසන් තරග වටයේ දෙවැනි තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

එම තරගය ජයගන්නා කණ්ඩායම අවසන් වටයේ පළමු තරගය ක්‍රීඩාකරමින් පරාජය වූ කණ්ඩායම සමඟ ක්‍රීඩාකරන අතර එම තරගය ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *