එක්දින සහ 20-20 නායකත්වය කුසල් මෙන්ඩිස්ට

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් එක්දින සහ 20-20 සංචිත අද නම් කළා.

මෙම තරග සංචාරයේදී එක්දින සහ 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී එක්දින තරග 3කට, 20-20 තරග 3කට සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමට නියමිතයි.

මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇති ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායමේ උපනායකයා ලෙස නම් කර ඇත්තේ කමිඳු මෙන්ඩිස්.

ශ්‍රී ලංකා 20-20 සංචිතයට ලසිත් කෘෘස්පුල්ලේ, මිලාන් රත්නායක, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර කැඳවා ඇති අතර මතීෂ පතිරණයට 20-20 සංචිතයේ සිය ස්ථානය අහිමිවී තිබෙනවා.

එක්දින සංචිතයට මිලාන් රත්නායක කැඳවා ඇති අතර ඊට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුෂාන්ද ඇතුළත්.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ක්‍රීඩක පසිඳු සූරිය බණ්ඩාර කැඳවා ඇති අතර එම සංචිතයට මිලාන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, ඉසිත විජේසුන්දර සහ ලහිරු උදාර ඇතුළත්ව සිටිනවා.

මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිත අතර තරගාවලිය ආරම්භ කරමින් දෙරට පළමු එක්දින තරගය ජුනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා T20 සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක)
කමිඳු මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිශ්ශංක
කමිල් මිෂාර
ලසිත් කෲස්පුල්ලේ
පවන් රත්නායක
දසුන් ශානක
මිලාන් රත්නායක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුශංක
ඒෂාන් මාලිංග
බිනුර ප්‍රනාන්දු
නුවන් තුෂාර.

ශ්‍රී ලංකා එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක)
කමිඳු මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිශ්ශංක
කමිල් මිෂාර
පවන් රත්නායක
ජනිත් ලියනගේ
චරිත් අසලංක
මිලාන් රත්නායක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහේෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුශංක
ඒෂාන් මාලිංග
අසිත ප්‍රනාන්දු
ප්‍රමෝද් මදුෂාන්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස්(උප නායක)
පැතුම් නිශ්ශංක
ලහිරු උදාර
නිශාන් මදුෂ්ක
දිනේෂ් චන්දිමාල්
පසිඳු සූරියබණ්ඩාර
සොනාල් දිනූෂ
කුසල් මෙන්ඩිස්
මිලාන් රත්නායක
ප්‍රභාත් ජයසූරිය
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
ලහිරු කුමාර
ඉසිත විජේසුන්දර
කසුන් රජිත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *