ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට 20-20 ශූරතාවක් – බට්ටි අනතුරක

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා A කණ්ඩායම අද සමත්වුණා.

කෙසේ වෙතත් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2-1ක් ලෙස ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නවසීලන්ත කාන්තා A කණ්ඩායම අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ශ්‍රී ලංකා කාන්තා A ඉනිම පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ ලකුණු 78කට සීමා වුණා.

නායිකා සත්‍යා සන්දීපනී ලකුණු 16ක් රැස් කළ අතර සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා ලකුණු 15 බැගිනි රැස් කළා.

ලකුණු 79ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා A කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

පෘෘ කැටොන් ලකුණු 30ක් රැස් කළ අතර පන්දුයැවීමේදී සචිනි නිසංසලා සහ ප්‍රමුදි මෙත්සරා කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම තරගයේදී පන්දු රකිමින් සිටියදී චමුදි ප්‍රබෝධා පිටියේදි අනතුරකට මුහුණ පෑ අතර පසුව ඇය ප්‍රතිකාර සඳහා පිටියෙන් පිතට රැගෙන ගියා.

නවසීලන්ත කාන්තා A කණ්ඩායම මෙම තරගයේ කඩුලු 5ක ජයක් වාර්තා කළද තරග 3කින්සමන්විත මෙම 20-20 තරගාවලියේ 2ට 1ක් ලෙස ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *