ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර පැවත්වෙන 6 වැනි අදියර සඳහා විදේශීය ක්‍රීඩකයන්ගෙන් පෙර නොවූ විරූ ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මේ වන විට විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවයිෙ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ජුලි 17 සිට අගෝස්තු 8 වැනිදා දක්වා කණ්ඩායම් 5කටගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා මැයි 8 සිට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබුණා.
ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල් මෙන්ම, සාමාජික රටවල් කිහිපයක ක්‍රීඩකයින් ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයින් මෙලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන්.
එම සංඛ්‍යාව 102ක්.
ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ක්‍රීඩකයින් 75ක්, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 66ක්, බංග්ලාදේශයෙන් ක්‍රීඩකයින් 48ක් සහ නවසීලන්තයෙන් ක්‍රීඩකයින් 41 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් 24ක්, එංගලන්තයෙන් ක්‍රීඩකයින් 15ක් සහ ඉන්දියාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු ද මෙවර ක්‍රීඩක කෙටුම්පත සඳහා ඉදිරිපත් වීමට ලියාපදිංචි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ලැබී ඇති අයදුම්පත් 650කට අධික සංඛ්‍යාව විශේෂ පිරික්සුම් ක්‍රියාවලියකට යොමුකිරීමෙන් අනතුරුව ඉන් ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණක් අවසන් ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතයි.
මෙලෙස තෝරා ගන්නා ක්‍රීඩකයින් 310 දෙනා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක කෙටුම්පත සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය වසරවල පැවැති වෙන්දේසි ක්‍රමය වෙනුවට මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගනු ලබන්නේ කෙටුම්පත් ක්‍රමවේදයට අනුවයි.
මෙවර කණ්ඩායම් සතු පැරණි ක්‍රීඩකයන් රඳවා ගැනීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බැවින්, ජූනි මස 1 වැනිදා පැවැත්වෙන මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී සියලුම කණ්ඩායම්වලට සිය සංචිත මුල සිටම අලුතින්ම තේරීමට සිදුවනු ඇති.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන සිදුවීම වන්නේ දේශීය ක්‍රිකට් පිටියෙන් හෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ලබා සිටින දේශීය ක්‍රීඩකයින්ට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීමයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ජැෆ්නා සහ ගෝල් කණ්ඩායම අතර ජුලි 17 වැනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
