ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 89කින් පරාජය කරමින්.
මෙම ජයත් සමග ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා.
නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංක්‍යාව 229ක්.
සායි සුදර්ශන් පන්දු 53කින් ලකුණු 84ක් රැස්කළා.
නායක ශූබ්මන් ගිල් ලකුණු 64යි.
ජොස් බට්ලර් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩයම සමත්වුණා.
ලකුණු 230ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 13 යි පන්දු 4කදී සියලු දෙනා දැවි රැස්කර ගතහැකිවුණේ ලකුණු 140ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ ශිවාම් ඩුබේ ලකුණු 47ක් රැස්කළා.
මොහොමඩ් සිරාජ්,කැගිසෝ රබාඩා,රශීඩ් ඛාන් කඩුලු තුන බැගින් දවාගත්තා.
ඒ අනුව මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩාකරන අවසන් තරගයට ඊයේ එක්වූණා.
