නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩකයින්ගෙන් මුදල් ගත් අයෙකුත් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව එම නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතායි.

අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනෙසා ද සිල්වා යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයින් ලෙස නම් කර තිබෙනවා.
විශේෂත්වය වන්නේ මෙම තේරීම් කමිටුවේ සාමාජිකයින් 5 දෙනාගෙන් තිදෙනෙකුම 2015 වසරේදී ද තේරීම් කමිටු සාමාජිකයින් ලෙස එකට කටයුතු කර තිබීමයි.
නව ක්‍රීකට් තේරීම් කමිටුවට පත් කළ සාමාජිකයින් අතර 2019 වසරේදී ක්‍රීඩකයින්ගෙන් මුදල් ගත් අයෙක්ද සිටින බවයි වාර්තා වන්නේ. ඔහු එවක සිටි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉවත් කිරීමට පියවරගෙන තිබුණා.

කෙසේ වෙතත් එම පුද්ගලයා යළිත් වරක් සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරිම් කමිටුවට පත් කිරීම විමතියට කරුණක්.
කපිල විජේගුණවර්ධන, අමල් සිල්වා, හා බ්‍රෙන්ඩන් කුරුප්පු එවකට පැවැති තේරීම් කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළා.

හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව පත් කෙරුණු ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු කරන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අතරතුරයි මෙම නව තේරීම් කමිටුව පත් කර ඇත්තේ.

මීට පෙර පැවැති තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *