ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වූ පළමු සතිය තුළදීම කණ්ඩායම තුළ අධ්‍යයනයක් සිදුකරමින් ක්‍රීඩකයින්ගේ තත්ත්වය හා අවශ්‍යතා පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත් බව සඳහන් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ගැරී කර්ස්ටන් මහතා පවසනවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමෛ් ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමෙන් පසු සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
“අපි හැමෝම අපේක්ෂා කරන්නේ කණ්ඩායම සියලු තරගාවලිවලදී හොඳින් ක්‍රීඩා කරනු දැකීමයි. වැදගත් තරගාවලි කිහිපයක්ම ඉදිරියේදී තිබෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියක් තවත් මාස 17කින් උදාවනවා. අප එය කණ්ඩායමට හොඳ තරගාවලියක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අප හැමෝම අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී ඔවුන්ගේ උපරිම දක්ෂතාවන් පෙන්නුම් කිරීමයි. ඒ වගේම තරගාවලියේ ඉදිරියට යාමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ රටේ අතිදක්ෂ ක්‍රීඩකයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම්වලට එරෙහිව දක්ෂතා පෙන්නුම් කිරීම සඳහා දිරි ගැන්වීමයි අපේ බලාපොරොත්තුව
මම කටයුතු කළ ඕනැම කණ්ඩායමක් ගත්තම පුමුඛතාවක් ලාබෙදන කාර්යයක් තමයි විවිධ තරග සඳහා හොඳම සමබර කණ්ඩායම් සොයා ගැනීම. ඒ වගේම
ඒ හැම ෆෝමැට් එකක්ම එක් එක් කාර්යභාරයන් සඳහා සුදුසුකම ක්‍රීඩකයන් යෙදවීමත් සිදුකළ යුතුයි.
මේ අවස්ථාවේ මගේ ප්‍රමුඛතාව හිමිවී තිබෙන්නේ එක් එක් ෆෝමැට් එකක විශේෂ කාර්යභාරයන් ගැන අවධානය යොමු කිරීම සහ ඒ කාර්යයන් සඳහා
යෙදවිය හැකි ක්‍රීඩකයින් ගැන අවබෝධයක් ලබා ගැනීම. සමබර කණ්ඩායමක් යෙදවූ විට තරගයකදී මතුවන විවිධ අභියෝග ජය ගැනීමට හැකිවනවා.
තණතිල්ලේ තතවය තරග කරන ප්‍රතිවාදී කණ්ඩායම තරග කරන රට වැනි විවිධ කරුණු මත ඇතිවන අභියෝග ජය ගැනීමට කුසලතා ප
ූර්ණ ක්‍රීඩකයන් ඒ ඒ ෆෝමැට් එකට යෙදවීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
ශ්‍රී ලංකාවේ මේ වන විට මගේ කාර්යය වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ විවිධ ෆෝමැට්වල තරග කිරීමේදී පරතරය අවම කිරීම සඳහා කටයුතු කිරීමයි.”
