වනිඳු Fitness ටෙස්ට් මගහරියි – තේරීම් කමිටුව තීරණයකට සැරසේ

ශ්‍රී ලංකා තුන් ඉරියවන් ක්‍රීඩක වනිඳු හසරංග මේ දිනවල ක්‍රියාත්මක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි නොවී ඒවා මග හරමින් සිටින බවට ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.
පන්දුයැවීම් පුහුණුවීම් පමණක් සිදු කරන වනිඳු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක තඹයකට මායිම් කර නැති බවයි වාර්තා වන්නනේ.
ශාරීරික යෝග්‍යතා පරික්ෂණය සමත්වී අදාළ ලකුණු හිමිකරගන්නා ක්‍රීඩකයින්ට පමණක් මෙවර අයි පී එල් තරගාවලියට සහභාගිවිමට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව වනිඳු හසරංග තවමත් එම පරීක්ෂණයට මුහුණදී නොමැති බවයි වාර්තා වන්නේ.
වනිඳුගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වන විට ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *