ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණියම ලෝක කුසලාන ජයග්‍රහණයේ තිස්වසරක සැමරුම 96 කණ්ඩායමේ සාමජිකයින් ඉන්දිරා පිළිකා භාරය සමඟ අද සමරනු ලැබුවා.
මෙහිදී 1996 වසරේ ජයග්‍රහණය කල ලෝක කුසලානය ද ප්‍රදර්ශණය කෙරුණු අතර එහිදී දරුවන් කිහිප දෙනෙකු වෙත සමරු ක්‍රිකට් පිති ප්‍රදානයක්ද සිදු කළා.
1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගෙන ඊයේ දිනයට වසර 30ක් සපිරුණා.
ඒ නිමිත්තෙන් සැමරුමක් මහරගම ඉන්දිරා පිළිකා භාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සමග එක්ව සංවිධාන කර තිබුණා.
එම අවස්ථාවට 96 කණ්ඩායමේ අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම ඇතුළු හිටපු ක්‍රීඩකයින් පිරිසක් සහභාගි වුණා.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සහ ඉන්දිරා පිළිකා භාරය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණු අතර එමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ආශ්වාදය සහ දිරිගැන්වීම උපයෝගී කර ගනිමින් පිළිකා රෝග ඇතුළු බරපතල රෝගාබාධ වැලදී ඇති දරුවන්ගේ අපේක්ෂාවන් දිරිගැන්වීම සහ ඉහළ නැංවීම සඳහා එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කෙරෙනවා.
බරපතල රෝගාබාධ වලින් පෙළෙන වයස අවුරුදු 3 සිට 17 දක්වා දරුවන්ට ප්‍රාර්ථනා ලබා දෙන ‘Make-A-Wish Sri Lanka ‘ වැඩසටහන ද භාරය ක්‍රියාත්මක කරනවා.
මෙහිදී 1996 වසරේ ජයග්‍රහණය කල ලෝක කුසලානය ද ප්‍රදර්ශණය කල අතර එහිදී දරුවන් කිහිප දෙනෙකු වෙත සමරු ක්‍රිකට් පිති ප්‍රධානය කෙරිණ. එමෙන්ම ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහාද සමරු තිළිණ ලබා දුන්නා.
