සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරවෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරගය 77 වැනි වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ SSC ක්‍රිඩාංගණයේදීයි.

96 වැනි සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද නායක කිත්ම විදානපතිරණ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 353ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ නෙතුල එදිරිමාන්න ලකුණු 165ක් සහ ඔවින් පෙරේරා ලකුණු 53ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී නායක ඔෂඳ හෙට්ටිආරච්චිගේ කඩුලු 2ක් දවා ගත්තා.

කොළඹ නාලාන්දා විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 424ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

නාලාන්දා විද්‍යාලයේ පළමු ඉනිමි ශතක දෙකකින් වර්ණවත් වූ අතැ නෙමිඳු අක්මීමන ලකුණු 142ක් සහ මිහින් සොයිසා ලකුණු 119ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කිත්ම විදානපතිරණ කඩුලු 3ක් බිඳ හෙලුවා.

ලකුණු 71ක් පිටුපසින් සිටි සිය දෙවැනි ඉනිම ආරම්භකළ ආනන්ද විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවේ නාලාන්දා විද්‍යාලයට ලකුණු 100ක ඉලක්කයක් ලබාදෙමින්.

දනිඳු සෙල්ලප්පෙරුම ලකුණු 96යි.

ලකුණු 100ක ඉලක්කයක් හඹාගිය නාලාන්දා විද්‍යාලය තරගය ජය පරාජයෙන් තොරව අවසන්වන විට කිසිවෙකු නොදැවි ලකුණු 8ක් ලබාගෙන සිටියා.

මෙවර තරගයේ දක්ෂතම පිතිකරුවා ලෙස කොළඹ නාලාන්දා විද්‍යාලයේ නෙමිඳු අක්මීමන සම්මාන දිනාගනිද්දි තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නාලාන්දා විද්‍යාලයේ නායක ඔෂඳ හෙට්ටිආරචිචිගේ සම්මාන දිනාගත්තා.

දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත්තේ කොළඹ නාලාන්දා විද්‍යාලයේ ගෙවිඳු මනම්පේරියි.

තරගයේ වීරයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ නෙතුල එදිරිමාන්න සම්මාන දිනාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *