පාකිස්තානයේ තීරණයට ෂම්මිගේ අප්‍රසාදය – පාකිස්තානය කළ ගුණ අමත කළා

20-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහය අමතක කර ඇති බවයි.

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේ වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු පාකිස්තාන තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පාකිස්තාන රජය ඉකුත්දා නිවේදනය කළේ ඉන්දියාව සමග පැවැත්වෙන එම තරගය පාකිස්තානය වරජ්නය කරන බවයි.

පාකිස්තානය රජය මෙම ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් යොමු කර සඳහන් කර ඇත්තේ පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු පාකිස්තාන තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩාලෝලීන් ඉහළ බලාපොරොත්තු තබා සිටි තරගයක් බවයි.

එම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම් සේවා සැපයුම් සහ ආරක්ෂාවට අදාළ විධිවිධාන සියල්ල සලසා අවසන් කොට තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම ඉන්දු – පාකිස්තාන තරගය සඳහා වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවත් එම ප්‍රවේශපත්‍ර සීඝ්‍රෙයන් අලෙවි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

ඉන්දු පාකිස්තාන තරගය සඳහා වෙනත් කිසිදු තරගයකට නොවූ විරූ ජනතා උද්යෝගයක් පැවතුනා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මෙරට ආර්ථිකයටද වාණිජයමය වශයෙන් මෙම තරගයෙන් විශාල රුකුලක් සිදුවන්නට ඉඩ තිබු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ නිසා 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඕනෑම තරගයක් අවලංගු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැවැන්ත මූල්‍යමය පාඩුවක් ඇති කරනවා මෙන්ම මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයට බලපෑමක් ඇති කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙනවා.

පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී සහ සංවේදී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කිහිපවතාවක්ම පාකිස්තානයේ සංචාරවල නිරත වූ බවද ෂම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *