පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පෙබරවාරි මස 7 වැනිදා සිට ආරම්භ වනවා.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් අලෙවිය තෝරාගත් අලෙවි කවුළු හරහා හෙට සිට මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව තෝරාගත් ස්ථාන 5කදී ප්‍රේක්ෂකයින්ට මෙම ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
අදාළ ස්ථානවලින් පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා ප්‍රෙව්ශපත් මිලදී ගත හැකියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ හෙට විවෘත කෙරෙන ප්‍රවේශපත් කවුළුවෙන් සතියේ සෑම දිනකදීම ප්‍රෙව්ශපත් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රෙව්ශපත් කවුළුවෙන් පෙබරවාරි 7 සිට ප්‍රෙව්ශපත් මිලදීගත හැකි අතර එම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවලදී එම ප්‍රවේපත් කවුළුවෙන් ප්‍රෙව්ශපත් අලෙවි කෙරෙන්නේ නැහැ.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවල ඔරුගොඩවත්ත ප්‍රෙව්ශපත් කවුළුවෙන් ප්‍රෙව්ශපත් මිලදීගත හැකියි.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත් කවුළුවෙන් පෙබරවාරි 7 වැනිදා සිට ප්‍රෙව්ශපත් මිලදී ගත හැකි අතර එම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවලදී ඉන් ප්‍රවේශපත් අලෙවි කෙරෙන්නේ නැහැ.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවල බලගොල්ල අභීත ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රෙව්ශපත් කවුළුවෙන් ප්‍රෙව්ශවත් මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
රුපියල් 1000 සිට දස දහස දක්වා වූ මිලකට ප්‍රේක්ෂකයින්ට මෙම ප්‍රවේශපත් කවුළුවලින් ප්‍රෙවේශපත් මිලදී ගත හැකියි.
ශ්‍රී ලංකාව සහභාගි වන තරග සඳහා එක් අයෙකුට උපරිම වශයෙන් ප්‍රවේශපත් 4ක් මිලදීගත හැකි අතර ශ්‍රී ලංකාව සහභාගි නොවන තරග සඳහා උපරිම ප්‍රෙව්ශපත් 10ක් ලෙස ලබාගත හැකියි.
ප්‍රෙව්ශපත් ඔන්ලයින් ක්‍රමයටද ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
