කුසල් මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත ඉනිමත්, දුනිත් වෙල්ලාලගේගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් එංගලන්තය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 19කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 4ක් ලකුණු 124කට දැවීගිය අතර පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ ලකුණු 88ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.
ජනිත් ලියනගේ ලකුණු 46යි.
ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් රැස්කිරීමට සමත් වුණා.
අවසන් පන්දුවාර කීහිපයේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රෙව්ගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 12කින් වේගවත් ලකුණු 25ක් රැස්කළා
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 271ක්.
ලකුණු 272ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 12කදී දැවී ගියත් දෙවැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවත් ගොඩනැගීමට ජෝ රූට් සහ බෙන් ඩකට් සමත්වුණා.
බෙන් ඩකට් ලකුණු 62ක් රැස්කළ අතර සහ ජෝ රූට් ලකුණු 61ක් රැස්කළා.
එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවක එක් කඩුල්ලක් දැවී ලකුණු 129ක් රැස්කරගෙන සිටි අතර අනතුරුව එංගලන්ත ඉනිමේ කඩුළු 8ක් ලකුණු 84ක් තුළ දැවීයාමත් සමග තරගයේ වැඩිවාසි ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.
නැට් (දුනිත් ගත්ත කැච් එකයි, ධනංජයගේ කැච් එකයි දාන්න)
කෙසේ වෙතත් තරගයේ ජය පහසුවෙන් ශ්‍රි ලංකාවට හිමිකර ගැනීමට ඉඩ ලබා නොදුන් ජිමී ඕවර්ටන් පන්දු 17කින්වේගවත් ලකුණු 34ක් රැස්කරමින් තරගය අවසන් පන්දුවාරය දක්වා රැගෙන යාමට සමත් වුණා.
අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවේදී ජිමී ඕවර්ටන් දැවී යාමත් සමඟ එංගලන්ත ඉනිම ලකුණු 252කට සීමා වුණා.
පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 3ක් දවාගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 2ක බැගින් බෙදී ගියා.
තරගයේ වීරයා දුනිත් වෙල්ලාලගේ.
