නසාර් හුසේන් ශ්‍රී ලංකාව ගැන කියූ අනාවැකිය

මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් අයි සී සී ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රකාශය පහතින්
“මට දැනෙනවා දිගු කාලයක් එකට ක්‍රිඩා කළ මේ කණ්ඩායමට දක්ෂතා දැක්වීමට හොඳම කාලය තමයි මේ.හැමවිටම ඔවුන්ට දක්ෂතාවය තියෙනවා.ඔබ කොළඹ, ගාල්ල, නුවර වගේ ප්‍රෙද්ශවල බැලුවොත් දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීමේ ව්‍යුහය.අනෙක් රටවලට නැති තරමේ දක්ෂතා ඔවුන්ට තියෙනවා.ශ්‍රී ලංකාව තවමත් නොනැවතී දක්ෂ ක්‍රීඩකයින් බිහි කරමින් සිටිනවා.ඔවුන් හැමවිටම දක්ෂයි.හැබැයි ස්ථාවරව දක්ෂතා පෙන්වන්නේ නැහැ.මට විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් කරයි කියලා.මොකද ඔවුන් පසුගිය අයි.සී.සී තරගාවලිවලදී ඔවුන්ගේ හැකියාවන්ට වඩා අඩුවෙන් තමයි දක්ෂතා දක්වල තිබුණේ.”

හොඳින් කරයි කියල අදහස් කරන්නේ මොකක්ද?

“ඔබට බෑ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියෙන් ඈත්කරල තියන්න.නමුත් ඔවුන් පසුගිය කාලයේ දක්වපු දක්ෂතා සලකල බැලුවොත් ඔබට එහෙම කරන්න ඔබට පුළුවන් වෙයි.හැමෝම කතා කරන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ කණ්ඩායම් ගැන.මොකද ඔවුන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව මේ තරගාවලිවල පිළිමළුන් පිටුදැකීමේ වටවලට සුදුසුකම් ලැබුවා.හැබැයි ඒ සංවාදවලදී ශ්‍රී ලංකාව ගැන කතා කරන්නේ නැහැ.විශේෂයෙන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට තමන්ගේ මව් රටේ ක්‍රීඩා කිරීමේ වාසිය සහ කාලයක් එකට ක්‍රීඩාකරන මේ ක්‍රීඩකයෝ පිරිසයි නිසා මට විශ්වාසයක් තියෙනවා මිනිස්සු හිතනවට වඩා වැඩි දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායම කරයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *