බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ බරපතළම අර්බුදය නිර්මාණය කරමින්, එරට වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයින් තරගවලට සහභාගී වීමෙන් වැළකී සිටිමින් සිදුකළ වර්ජනය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
ඒ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් සහ මුල්‍ය කමිටු සභාපතිවරයාද වන නජ්මුල් ඉස්ලාම් විසින් ක්‍රීඩකයන්ට එරෙහිව සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශය පිළිබඳ එරට ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාව වෙත නොයන බව පැවසීමත් සමග මතුවූයේ දැඩි අර්බුදයක්.
ඒ පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කමිටුවේ සභාපති නජ්මුල් ඉස්ලාම් දැරූ මතය වූයේ ලෝක කුසලානයට සහභාගී නොවීමෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට යම් පාඩුවක් සිදුවුවහොත් එය ක්‍රිකට් ආයතනයට අදාළ නොවන බවයි.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් වෙනුවෙන් කෙතරම් ආයෝජන සිදුකළත්, ඔවුන් තවමත් බංග්ලාදේශයට කිසිඳු ජාත්‍යන්තර කුසලානයක් හිමිකර දී නැතැයි ද නජ්මුල් ඉස්ලාම් පවසා තිබෙනවා.
හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් ඉන්දියානු ඒජන්තවරයෙක් බවට ද ඔහු චෝදනා කර තිබුණා.
එම ආන්දෝලනාත්මක ප්‍රකාශයට විරෝධය පලකළ බංග්ලාදේශ වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පැවසුවේ නජ්මුල් ඉස්ලාම් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉවත් නොකළහොත් සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් තරග වර්ජනය කරන බවයි.
ඒ අනුව බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකට ක්‍රීඩකයින් සහභාගී වූයේ නැහැ.
මේ අතර එම ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා ලෝලීන් තරග නොපැවැත්වීම නිසා කලහකාරී ලෙස හැසිරුණේ මෙලෙසින්.
ගැටලුව උත්සන්න වීමත් සමග බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නජ්මුල් ඉස්ලාම් මූල්‍ය කමිටු සභාපතිත්වයෙන් ඉවත් කරන බව නිවේදනය කළා.
එම ධුරයෙන් ඉවත් කෙරුණද ඉස්ලාම් තවදුරටත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්‍රියා කිරීමට ද ක්‍රීඩකයන් විරෝධය පලකළ අතර ඔවුන් සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
තරග වර්ජනය අත්හැරීමට එම සාකච්ඡාවෙන් පසු එකඟ වූ ක්‍රීඩකයින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවති තරගවලට සහභාගී වුණා.
