ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ මාතර පිහිටි නිවස කිසියම් පිරිසක් විසින් ඊයේ වැටලීමට උත්සහා දරා ඇති බව වාර්තා වනවා.
එම අවස්ථාවේ එම නිවසේ අසනීපයෙන් සිටින ප්‍රමෝද්‍යගේ මව පමණක් සිට ඇති අතර ප්‍රමෝද්‍යගේ මව එහිදී තැති ගැන්මකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
රටේ මීට පෙර පැවති අරගලයේදී මෙවැනි ක්‍රියාකරම් සිදු වූ අතර මුදල් දුන් සැනින් මෙවැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු කරන පිරිසක් ප්‍රමෝද්‍යයේ මව සිටින නිවස වැටලීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව පහර ගසන මුවාවෙන් ඇතැමුන් යළිත් රට තුළ අරගලයක් ක්‍රියාත්මක කර ඒ හරහා වාසි ලබා ගැනීමට උත්සහා දරන ආකාරයන් පෙනි යන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව සිදු කරන ක්‍රියාවලට ඔවුන්ගේ මවුපියන් හෝ පවුලේ හිතවතුන් පළි නැති අතර කවුරුන් හෝ පිරිසක් ක්‍රිකට් බලය යළි අත්පත්කර ගැනීමේ මුවාවෙන් මෙවැනි ක්‍රියා සිදුකරන බවට පොලීසියටද තොරතුරු වාර්තා වී තිබෙනවා.
