ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත්කළ අතුරු කමිටුවේ කාර්යයන් සහ බලතල දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද (06) සිට බලාත්මක වන පරිදි එම අතුරු කමිටුව පත්කර ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත අමාත්‍යවරයා විසින් එම අතුරු කමිටුව පත්කර ඇති අතර, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අනුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ සහ  හිෂාම් ජමල්ඩීන් යන අය සෙසු සාමාජිකයන් වේ.

මීට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *