දඹුල්ලේදී ආරම්භ වූ ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 තරඟයට පෙර, 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන තරඟ සඳහා වන නිල ප්‍රවේශ පත්‍ර අදාළ කණ්ඩායම් නායකයින් වෙත ඊයේ පිරිනැමුණා.
පකිස්ථානය පෙබරවාරි 7 SSC පිටියේදී ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට එක්වන අතර එහි ප්‍රවේශ පත්‍රය පකිස්ථාන නායක සල්මන් අගා වෙත පිරිනැමුණා.
ශ්‍රී ලංකා පිල පෙබරවාරි 8 වැනිදා සිය පළමු තරගය අයර්ලන්ත පිල සමගින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්වන අතර එම තරගයේ ප්‍රවේශපත්‍රය නායක දසුන් ශානක වෙත පිරිනැමුණා.
මෙම ප්‍රවේශ පත්‍ර පිළිගැන්වීම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් වන ආමර් සොහෙයිල් සහ රසල් ආර්නෝල්ඩ් විසින් සිදු කළා.
20-20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර Tickets.CricketWorldCup.com වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකියි.
