නව වසරේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසාලන 20යි 20 ක්‍රිකට් තරගාවලියට තවත් හරියටම මාසයක් කාලයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් පාකිස්තානය සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක පරාජයක් හිමිකර ගැනීමට ඊයේ රාත්‍රි යේ සිදු වුණා.

පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2026 වසරේ පළමු වැඩ ඇල්ලීම පාකිස්තාන කණ්ඩායම සමඟ සිදුවු අතර ඒ අනුව තරග 3කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලයේ පළමු තරගය ඊයේ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගා පළමු පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම කලකට පසුව ධනංජය සිල්වා නැවත 20යි 20 සංචිතයට කැදවා තිබුණේ වසරකුත් මාස 6කට පසුව වීමත් කැපී පෙනුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාර අරඹද්දී කමිල්ගේ ඉනිම ලකුණු ලබාගැනීමට පෙර අවසන් කරන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

පැතුම් නිස්සංකට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 12ක් පමණයි.

නැට්

කුසල් මෙන්ඩිස්ගේ ඉනිමත් ලකුණු 14කට සිමාකළ ෂඩාබ් ඛාන් එම පන්දුවාරයේදී ධනංජයද සිල්වාවත් ලකුණු 10කට දවා ගන්නට ඔහු සමත් වුණා.

නැට්

ඉන් අනතුරුව 5වැනි කඩුල්ලට ජනිත් ලියනගේ සමඟ චරිත් අසලංක ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගූ අතර චරිත් ලකුණු 18කට දැවී ගියා.

6වැනි කඩුල්ලටද ලකුණු 38ක සබඳතාවක් ගොඩනැගු ජනිත් ලියනගේ සහ වනිඳු හසරංග ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 120 සීමාව කරා රැගෙන යන්නට සමත්වුණා.

එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ ජනිත් ලියනගේ ලකුණු 40ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී සනිටුහාන් වී තිබුණේ ලකුණු 128ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිම අඩපණ කෙරූ සල්මන් මිර්සා සහ අබ්රාර් අහමඩ් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තානය පන්දුවාර 16යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සියඉලක්කයක පසුකර ගියා.

එහිදි ආරම්භක කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගූ සහිබ්සාඩා ෆර්හාන් සහ සයිම් අයුබ් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 51යි.

පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙසද පෙරමුණ ගත්තා.

කට් – ජනිත් ලියනගේ – ශ්‍රී ලංකා ක්‍රිකට් කණෟඩායම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *