චමරිලා 20-20 පිටියේ වැඩිම ලකුණු රැස්කරයි

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයත් පරාජයකින් අවසන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

ඒ එම තරගය ලකුණු 30කින් පරාජය වීමත් සමඟයි.

තිරුවානන්තපුරම් හී ග්‍රීන්ෆිල්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කාන්තා කණ්ඩායම ආරාධනා කළා.

ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 221ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

එහිදි ආරම්ක කඩුල්ලට ලකුණු 162ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැගූ ස්ම්‍රිති මන්දානා සහ ශෆෙලි වර්මා ශ්‍රී ලංකා පන්දුයවන්නියන්ට අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් දියත් කරමින්.

ස්ම්‍රිති මන්දානා ලකුණු 80ක් සහ ශෆෙලි වර්මා ලකුණු79ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මල්ෂා ශෙහානි සහ නිමේෂා මීපගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 222 දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

එම ලකුණු සංඛ්‍යාවද වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

සුපිරි පිතිහරඹයක නියැලුණු නායිකා චමරි අතපත්තු ලකුණු 52ක් සහ ඉමේෂා දුලානි ලකුණු 29ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී අරුන්දතී රෙඩ්ඩි සහ වෛස්නාවි ශර්මා අතරේ කඩුලු දෙක බැගින් බෙදි ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *