ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.
අද කණ්ඩායම තේරීම සිදු කළේ කුමන පදනමකින්ද යන්න පිළිබදවද මෙහිදී කරුණු විමසන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ.
ධනංජය ද සිල්වා අද තරගයෙන් ඉවත් කර ඒ වෙනුවට දුෂාන් හේමන්ත කැදවීම පිලිබදවද ගැටලු සහගත බවද ඔහු පැවසුවා.
මෙම කරුණු පිලිබද සහ ශ්‍රී ලංකා කණ්ඩයාම මෙම තරගයේ දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබද කරුණු විමසීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
