සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඉන්දී්‍ය කණ්ඩායම ඊයේ සමත්වුණා.
මෙම තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරු සිය පනස් දෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමත් කැපී පෙනුනා.
රන්චි හිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස් කිරීමට සමත්වුණා.
දෙවන කඩුල්ල වෙනුවෙන් රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි අගනා ලකුණු 136ක සබඳතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිම ඔසවා තැබුවා.
රෝහිති ෂර්මා ලකුණු 57ක් රැස් කළ අතර සුපිරි ඉනිම ක්‍රිඩා කළ විරාත් කෝලි පන්දු 120කදී ලකුණු 135ක් රැස් කළා.
කෝලිගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 11කින් වර්ණවත් වුණා.
කෝලි ඊයේ වාර්තා කළේ සිය එක්දින දිවියේ 52 වැනි එක්දින ශතකයයි.
කේ එල් රාහුල් ලකුණු 60ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 32ක් රැස් කළා.
ලකුණු 350ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 77ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්වුණා.
දකුණු අප්‍රිකා මැද පෙළ පිතිකරුවන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහක් දැරුවද කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දුයවන්නන් එය ව්‍යර්ත කළා.
ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු දෙකක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 332ක් පමණයි.
පන්දුයැවීමේදී කුල්දීප් යාදව් ලකුණු 68කට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරගයේ ලකුණු 17ක ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තා.
