දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අවසන් තරගයට

පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.

රාවල්පින්ඩිහිදි පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තේය.

මෙහිදී තරගය පාකිස්තානය දෙසට හරවා ගැනීමට දැඩි උත්සාහයක් ගත් නායක සල්මන් අගා නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමේද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු රඳවාගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය තීරණාත්මක වී තිබුණි.

අවසන් මහා තරගය එළැඹෙන 29වනදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *