මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවල තුළ ඇතිවී ඇති ගංවතුර සහ ආපදා තත්ත්වයන් නිසා අවතැන්වී පීඩා විඳින ජනතාව සඳහා ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබන සහන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමට ශ්රී ලංකා ක්රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුවේ මඟ නේවීම යටතේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය (Sri Lanka Cricket) විසින් විශේෂ කටයුතු කීපයක් ආරම්භ කර තිබේ.
ආර්. ප්රේමදාස ක්රීඩාංගණය
ඒ අනුව ගංවතු හේතුවෙන් නිවාස ජලයෙන් ජයව අවතැන්ව සිටින මහජනතාවට නවා තැන් ගැනීම සදහා කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණය ඉකුත් සිකුරාදා දිනයේ සිට විවෘතව තබන ලදී. එම ජනතාව වෙනුවෙන් සේවා සැපයීමෙහි පූර්ණ කටයුතුවලට සහාය වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කාර්යය මණ්ඩලය රජයේ නිලධාරීන් සමඟ කටයුතු කරන ලෙස ද ශ්රී ලංකා ක්රිකට් පාලනාධිකාරිය විසින් උපදෙස් ලබා දී තිබේ.
ආහාර බෙදා දීම
සහන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් දිනපතා ආහාර පාර්සල් ලබාදීමද ආරම්භ කර ඇත. ඉකුත් සෙනසුරාදා දින සිට ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් ගංවතුරින් බලපෑමට ලක්වූ ප්රජාවට උපකාර කිරීම වෙනුවෙන් රජයේ නිල සහන බෙදා හැරීමේ මධ්යස්ථාන වෙත සෑම දිනකම ආහාර පාර්සල් ලබා දෙමින් පීඩාවට පත් ජනතාවට සහාය ලබාදීමට ශ්රී ලංකා ක්රිකට් කටයුතු යොදා තිබේ.
අමතර සහයෝගය
ඊට අමතරව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා මහතා සහ ගරු භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන් ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සහ සහන මෙහෙයුම්වලට සම්බන්ධ අනෙකුත් රජයේ නිලධාරීන් හමුවී මේ සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබේ.
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම
පාස්තානයේ පැවැති තුන්කොන් ක්රිකට් තරගාවලිය යටතේ පැවැති අවසන් මහ තරගයේදී ගංවතුරින් මියගිය සහ අතුරුදහන් වූවන්ට ගෞරවය දැක්වීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ. පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි පැවැති මෙම පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පෙර මෙම උපහාරය පැවැත්වූ අවස්ථාවේදී පාකිස්තානු කණ්ඩායමේ ක්රීඩකයින්ද ඊට එක්වීය.
ගංවතුරින් අවතැන් වූවන්ට ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් සහන
