ලෝක කුසලාන කාලසටහන එළිදැක්වුණු දා…

ලබන 2026 වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන එළිදැක්වීමේ නිල උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා සහභාගිවිය. ඉන්දියාවේ, මුම්බායි නුවර පැවැති මෙම උත්සවයට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ජේ ෂා සහ එයි ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා යන මහත්වරුද සහභාගිවූහ.
ශම්මි සිල්වා මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද මෙම උත්සවයට සහභාගිවීය.
2026 වසරේ පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා වන දින 29 ක කාලය ඇතුළත පැවැත්වීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකයින් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කටයුතු කරනු ඇත. කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තරග 20 ක් පැවැත්වෙනු ඇත. ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ කොළඹ එස්.එස්.සී. එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *